(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙි.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (16) පැවැති සාකච්ඡාවකදී තීරණය විය.
මෙමගින් ඉදිරියේදී මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීමටත් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. ඉන්දියානු ණය ආධාර වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහත්වරු ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත්ත මුග්ධ පාලකයින් රටට කළ විනාශය. ඕනෑම ව්‍යවසනයකදී පළමුව කළයුතු ආහාර සැපයුම තහවුරුව බව නොදත් හමුදා නිලධාරියකු සිටිය නොහැකිය... මෙය සැලසුම් කළ විනාශයක් නේද?