
(යොහාන් භාසුර)
ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරු ගාල්ල දිස්ත්‍රික් පාසල් 200 ක විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණියහ.
ශ්‍රී ලංකා රජය නියම කරන රාමුවට අනුකූලව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පෙළගස්වමින්, සටහන් හුවමාරුව ව්‍යාපෘතිය තවදුරටත් විධිමත් කර කඩිනම් කරනු ඇති බවත් ඉන්දීය රජයේ ප්‍රධාන ආධාර හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය, අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පාසල්වලට යන සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු බවත් මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දීය රජය කරන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයෙන් එකක් බවත් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සමස්ත සංවර්ධන ආධාර දැනට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හෙවත් ඩොලර් කෝටි 500 ක් පමණ වන අතර ඩොලර් මිලියන 600 කට ආසන්න ප්‍රදානයන් එයට ඇතුළත් බවත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරා ප්‍රධාන ව්‍යාපෘති 65 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් කර ඇති බවත් ප්‍රධාන ව්‍යාපෘති 20කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරවල පවතින බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යලය සඳහන් කරයි.
ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රදාන ව්‍යාපෘති අතර වේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කෙ.් ජේකබ් යන මහත්වරු ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහූ ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙන් ගාල්ලේ පාසල් 200 කට ස්මාට් පන්තිකාමර
බද්රානි Monday, 19 June 2023 07:54 PM
මොනා උනත් හිඟන කමින් නම්, අපි ලෝකයෙන්ම කප් එක ගහලයි ඉන්නේ.. ස්වාසිලන්තය, උගන්ඩාව, හයිටිය වැනි අප්‍රිකානු රටවල් වලින් තවම ආධාර කලේ නැද්ද? අපිට තව තවත් ප්‍රෞඩ වෙන්න නම්, ඒ අයගෙන් පිනට ආධාර අවශ්‍යයි. කාටද ආඩම්බර??
Lalla Wednesday, 21 June 2023 07:50 AM
ස්මාට් පංතිකාමර පවත්වාගෙන යාමට පාසල්වල තාක්ෂණය ගැන දැනීම නෑ.මේක කණ්ඩායමකට කුට්ටිය සෙවීමට මගක්....