
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දීය රුපියල් 39 - 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක තොග මිල මේ වන විට ඉන්දීය රුපියල් 20 - 21 අතර මිලකට පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දීය ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ලූනු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත් එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ලූනු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ලොකු ලූනු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ලූනු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ආසියානු ජනතාව වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ එළවලු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.
පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අපනයනය කර ඇති බවත් අපනයනය තහනම් කිරීමේ වේදනාව ආසියානු රටවලට තදින් දැනීමට පටන් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුණු මිල පහල වැටුනොත් ගොවියෝ වගාව නතර කරවී එවිට ලුණු මිල වැඩිවේවි , මොඩිට අකුලා ගන්න වේවි , රටක නිදහස් වෙළදාමට අනවශ්‍ය විදිහට ඇඟිලි ගැසීම අනුවන ක්‍රියාවකි
අපට මතක මෑත කාලයේ දඹුල්ල අවට ප්‍රදේශවල සරුසාර ලොකුලූනු වගාව ,එකටම ඔබින රටට ගැලපෙන ලොකුලූනු ප්‍රබේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදල බෙදල ගොය්යෝ යස අගේට ගොවිතැන කරා,අපේ නරුම පාලකයෝ අස්වැන්න නෙලන කාලෙට තොග පිටින් රටින් ගෙනාව ,පොහොර ප්‍රශ්න ඇතිකරා ,එදා තිබුන සරුසාර ලොකුලූනු ආර්ථිකේ විනාස කරා ,වෙන කවුරුත් නෙව මේ පාලකයෝම තමා,දැන් රටම හිගමනෙට වැටිලා ,ඉතින් මේ යක්කු රට දියුණු කරයිද අයිබෝන්,හීන තමයි