IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක මැතිවරණ

 

ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ අද (7) ආරම්භ වෙයි.

චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය.

මෙම මැතිවරණය ද ජය ගනිමින්, දිගටම බලයේ රැඳී සිටීමට කොංග්‍රස් පක්ෂය උත්සාහ දරයි. චතිස්ගාර් මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ භුපේෂා භාගෙල් ය. මෙවර මැතිණරණයේ දී භාගෙල් ට අභියෝගයක් එල්ල වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක නාරායන් චන්දෙල්ගෙනි.

චතිස්ගාර් මැතිවරණය අදියර දෙකක් යටතේ අද (7) සිට ලබන 17 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ බියක් පවතින බැවින්, මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේය. චතිස්ගාර් මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු ඇත්තේ දෙසැම්බර් 3 වැනිදාය.

මිසෝරාම් ප්‍රාන්තය ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාන්තයක් වන අතර, ජනගහනය මිලියන 1.116 කි. මිසෝරාම් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘මිසෝරාම් ජාතික පෙරමුණ’ පක්ෂයයි. මිසෝරාම් ප්‍රාන්ත සභාව ආසන 40 කින් සමන්විත වෙයි. කොංග්‍රස් පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද මැතිවරණයට තනි තනිව ඉදිරිපත් වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක මැතිවරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site