(විමුක්ති එස් රුද්‍රිගු)
පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා දැඩි සහයෝගයක් ලබා දෙන බවත් ඉන්දියාව තහවුරු කිරීම පිළිබඳ අසන්නට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහහත්මිය පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සියලුම ණය හිමියන් එක හා සමාන සාධාරණ විසඳුමක් ලබාදීමට එකඟ වූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය වීමට ඇමෙරිකාව සුදානමින් සිටින බව ජුලී චන්ග් මහහත්මිය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගෙන්ගෙන් අපිට ලැබෙන නය ගැන සතුටු වෙන නයකාරයොත් ඉන්නව කියල දැනගැනීම සතුටක් !