(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට ඒකාබද්ධව කටයුතු කිරීමට ඉන්දීය සහ ජපන් අග්‍රාමාත්‍යවරු එකඟ වී ඇති බව විදේශ මාධ්‍ය වාරේතා කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යන මහත්වරු ටෝකියෝ නුවරදී පැවැති සාකච්ඡාවදී මෙම තීරණයට එළඹ තිබේ.
ඉන්දියාව තව දුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවත් ඉන්දීය ජනතාවත් ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබුණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්දියාව-ජපානය ඉදිරියට සහය දක්වයි
sharm warn Friday, 27 May 2022 03:47 PM
තෙල් ටැංකි දුන්නා.. සාම්පූර් දුන්නා. නැගෙනහිර ජැටිය දුන්නා. තව මොනවා හරි තියෙනවද ඉන්දියාවට ගන්න වැඩකට ඇති දෙයක්.. කච්චතිව් දූපත ඇරුණාම?
dhamneth Friday, 27 May 2022 06:02 PM
1977 ජයවර්ධන මහතා බලයට පත් වූ දා සිට ලංකාවට මහා පරිමාණයෙන් ආධාර කළ රටක් තමයි ජපානය. යහපාලන රජය කාලෙදී අපිට කාණු උඩ දුවන මොනෝ රේල්වේ පද්ධතියකට ජයිකා ආයතනය ණය ආධාර දෙන්න පටන් ගත්තා. පොලිය දශම .06. කවුද ගොන් නිලධාරියෙකුගේ උපදෙස් අනුව එය අතරමග නවතා දැම්මා.. පසුව ජපානය එම ව්‍යාපෘතිය බංග්ලාදේශයට පිරිනැමුවා කියා ආරංචියි.
sweneSaturday, 28 May 2022 06:13 AM
ජයිකා යෝජනාව ක්‍රියාත්මක වුණා නම් එමගිනුත් ලංකාවට වර්තමානයේ ඩොලර් ලැබෙනවා. අපේ අය උප කොන්ත්‍රාක්වල වැඩ කරනවා. නිලධාරීන්ගේ උපදෙස් විනිශ්චය කර තීරණය කිරීමට තරම් සබුද්ධික පාලකයින් නොමැතිවීමේ පාඩුව සෑමවිටම දකින්නට ලැබෙනවා.