
හදිසි රෝගාබාධයන්ට ලක්වන ගවයන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට, ගවයන් සඳහාම වෙන්වුණු විශේෂ ගිලන්රථ සේවයක් හඳුන්වාදීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත කෘෂිකර්ම අමත්‍යාංශය පියවර ගෙන ඇත.
ගවයන් සඳහා වෙන් කළ විශේෂ ගිලන් රථ සේවාව පිළිබඳ දැනුවත් කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී, ප්‍රාන්ත කෘෂි කර්ම අමාත්‍ය ලක්ෂ්මි නාරායන් චෞද්‍රි පැහැදිලි කළේ ගිලන් රථ සේවය සඳහා 112 හදිසි අංකය ක්‍රියාත්මක වනු ඇති බවත්, පශු වෛද්‍යවරුන්ගෙන් සහ සහායකයන් සමන්විත ගිලන් රථ 515 ක් ගවයන්ට ප්‍රතිකාර කිරීමට සූදානමින් තබා ඇති බවත්ය. මාධ්‍ය හමුව පැවැත් වූයේ මතුරා නුවරදීය.
රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ගවයන් කඩිනමින් රෝහල් වෙත ගෙන යෑමට වෙනම ලොරි සහ ට්‍රැක්ටර් සූදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 112 අංකය ඇමැතූ විට පශු වෛද්‍යවරයකු සහ සහායකයකු කඩිනමින් අදාල ස්ථානයට පැමිණෙනු ඇතැයි ද මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
ගිලන් රථ යැයි කී සැණින් සිහියට නැගෙන්නේ නළාව හඩවමින් එන වෑන් රථ වුවත්, ගවයන් සඳහා වෙන් වුණු ගිලන් රථ සේවාවට යතුරු පැදි පවා භාවිත කරනු ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඉන්දියානුවන් ගවයා දේවත්වයෙන් සලකයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියෝ ගවයන්ට නිරන්තරයෙන් පුද පූජා පවත්වති. ඉන්දියානුවන් (විශේෂයෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ) ගව මස් ආහාරයට ගන්නේ නැත. ගවයන් ඇති කරන්නේ කිරි සහ ගොම සඳහාය.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් වාර්තා වන්නේ ද ගවයන් මුල්කොට ගනිමිනි. ගව මස් විකුණනවා යැයි චෝදනා ලබන මුස්ලිම් වැසියන්ට අන්තවාදී හින්දු වැසියන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙයි. ගවමස් ළඟ තබා ගන්නා සහ ඒවා විකුණන මුස්ලිම්වැසිටයන් පහර දී ඝාතනය කිරීමට පවා උත්තර ප්‍රදේශ් හින්දුවරුන් පසුබට නොවන බව ද මාධ්‍ය වාර්තා පවසයි.
උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගි අධිත්‍යනාත් ප්‍රමුඛ රජය ප්‍රාන්තයේ ගවයන් වෙනුවෙන් විශේස වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා ඇත. නිදැල්ලේ සිටින ගවයන්ට නවාතැන් ගැනීමට ගවයන් ගැවසෙන ප්‍රදේශවල තහඩුවලින් විශේෂ නවාතැන් පවා අවටා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂයටත් මේ සේවාව සපයන්න.
මිනිස්සු අසාධ්‍ය ළමයි කර තියාගෙන පාරේ දුවනවා. මේ ගොල්ලෝ හරකුන්ට ගිලන්රථ වෙන් කරනවා. ඉන්දියාවට මිනිසුන්ට වැඩිය හරකුන් වටිනවා.
ඕවා මොනවද අපේ දියවන්නාවේ අයටත් තියෙනවනේ...!!!
අපේ පාර්ලිමේන්තුවටත් දෙකක් එවන්න බැරිද?
අපේ ලංකාවේ වුනේ නම් ඕකේ අනෙක් පැත්ත. "ගොමා" නමින් හඳුන්වන ගවයින් කල්ලියක් ඉන්දියාවේ ගිලන් රථ සේවයට බොහෝසෙයින් විරුද්ධ වුණා. ලංකාවේ මී හරක් පවා ඒක විශ්වාස කළා. දැන් නම් ඉතින් මී හරක් පවා ඔය කියන ගිලන් රථ සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබනවා. ඒ වුණාට ඉතින් මට නම් හිතෙන්නේ, ඉන්දියාවේ පූජනීය ගවයින් ලංකාවේ මී හරක්ට වඩා ගොඩක් බුද්ධිමත්. ලංකාවේ පිනටම කන ගව රැලක් ඉන්නවා. එවුන්ගෙන් කිරි නම් නැහැ පොහොර පමණයි. මේ රටට ලැබෙන්නේ. ඒවත් බැර ලෝහ අඩංගු පොහොර සතේකට වැඩක් නැහැ...
අපේ රටෙත් ඔය වගේ ගවයින් රෑනක්ම ඉන්නවා...
ඉන්දියාව වගේ ගොන්නු ඉන්න රටක් ලෝකෙ කොහේවත් නැතිව ඇති. අහිංසක ළමයි දුක්විඳින හැටි දැක්කාම දුක හිතෙනවා ලංකාවට එව්වෙත් මේ වගේ හරක් ගෙනියන ගිලන් රථ වෙන්න ඇති. ටොයියො ටික කොහොමත් හරක්නේ...
ඕවා මොනවද... මෙහෙ හරක් ලෙඩ උනාම ප්ලේන් වල නග්ගලා සිංගප්පුරු ගිහින් ලෙඩ හොද කරන්නේ