‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දියාව නිපදවූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත, බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 11 කට ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.
‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවූ පළමු ඩී.එන්.ඒ. ප්‍රතිශක්තිකරණ එන්නත මෙය වනු ඇති අතර, ‘කොවිඩ් 19’ වයිරසයේ ඩී.එන්.ඒ ජාන කේතයක් යොදා ගනිමින් මෙය නිපදවා ඇත.
ඒ අනුව, දැනට නිපදවා ඇති සෙසු ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලට වඩා මෙම එන්නත සාර්ථක යැයි පැවැසෙයි.
මෙම එන්නතේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ මෙය එන්නත් කටුවක් භාවිත නොකර සිරුරට ඇතුළත් කිරීමය.
පළමු එන්නත් මාත්‍රාවල ලබා දී දින 28 කින් දෙවැනි මාත්‍රාව ද ඉන්පසු දින 56 කින් තෙවැනි මාත්‍රාව ද ලබා දීම සිදුවෙයි.
එන්නත සම හරහා සිරුරට ඇතුළත් කිරීම සිදු කෙරෙන්නේ විශේෂ උපකරණයක් භාවිතයට ගනිමිනි. මෙය ට්‍රොපිස් යන නමින් හැඳින්වෙයි.
එන්නත් කටුවලට බියක් දක්වන සැමට සුදුසුම එන්නත වන්නේ මෙය බවත්, මෙම එන්නත ලබා දීමේදී කිසිදු ආකාරයක වේදනාවක් ඇති නොවන බවත් එන්නත නිපදවූ ගුජරාඨයේ ‘සයිඩස් කැඩිලා’ ඖෂධ සමාගම පවසයි.
‘සයිඩස් කැඩිලා’ සමාගම මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගත්තේ 2020 වසරේ දෙසැම්බරයේය. පසුගිය 2021 වසරේ එන්නත සාර්ථක බව ඉන්දීය ඖෂධ පාලන අධිකාරියට දැනුම් දුන් අවස්ථාවේදී, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කෙරුණි. ඒ අනුව, එන්නත පසුගිය සෙනසුරාදා (5) සිට බිහාර් වැසියන්ට ලබා දීම ආරම්භ විය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එන්නත නම් යම්කිසි යහපතක් කරන්න ඉඩ තියෙනවා.
බිහාර් ප්‍රාන්තය ඉන්දියාවේ දුප්පත්ම ජනතාවක් වෙසෙන ප්‍රාන්තයක් වන අතර මෙම එන්නත අත්හදා බැලීමේ අරමුණක් විය හැකිය.