(කාංචන කුමාර ආරියදාස)
ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.
පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කොට ඇති බව මාධ්‍ය වාර්තා පළවිය, ඒ සමගම ගෙනැවිත් තිබූ ලොකු ලුණු තොග කිලෝව රුපියල් පන්සීයක් හයසියයත් අතර ඉහළ මිලයකට වෙළෙන්දන් ඉතා කූට ආකාරයෙන්ම අලවී කිරීමේ ජාවාරමක නිරත විය.
මෙම ජාවාරම පිළිබඳව දිගින් දිගට ම ජනමාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ලුණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී නරක් වී විනාශ කරන්නටද සිදුවීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මේ වන විට පාකිස්ථානය තුර්කිය ඉරානය ඇතුළු රටවල් කීපයක විශාල වශයෙන් ලොකු ලූනු තොග මෙරටට ගෙන්වා තිබේ.
ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ලූනු මිල පහත දැමූ බවය .
වෙළඳ සල්වල පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන අතර ඇතැම් වෙළෙන්දෝ එම ලුනුම රු 400 කට විකිනීමට උත්සහ දරමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් පිළිබඳව පමණක් නොසිතා ළූණු වර්ගය ගැනත් අවධානය කළොත් තමයි හොඳ... දුඹුරු පැහැ ඇති ළූණු රසයෙන් සැර වැඩි අතර රතු/දම් පැහැ ළූණු රසයෙන් අඩුවේ... ලංකාවේ වැඩිපුර වවන්නේ දුඹුරු පාට ළූණු...
ඔව්වා කන්න එපා... ඔව්වා වඳ ළූණු...!