IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට ලංකාවේ මධ්‍යස්ථානයක්

(අංජුල මහික වීරරත්න)

සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) සාමාජිකයකු වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති විවිධ මූලාරම්භයන් සැලකිල්ලට ගනිමින්, පොදු අධ්‍යයනයන් මඟින් ලබා ගනු ලබන දැනුම සහ ක්‍රියා මාර්ග කලාපය පුරා බෙදා හැරීමට හැකි වන පරිදි ප්‍රංශ රජය විසින් "කලාපීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගනු ලැබ ඇත.

යෝජිත මධ්‍යස්ථානය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුළ පිහිටු වීමටත්, ඒ සඳහා අවශ්‍ය සහාය සහ යටිතල පහසුකම් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය මඟින් ලබා ගැනීමටත් යෝජනා වී තිබේ.

 ඒ අනුව යෝජිත " කලාපිය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාලව ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජය අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට ලංකාවේ මධ්‍යස්ථානයක්

sam Thursday, 08 August 2024 05:35 AM

කීයකට හරි විකුණුවේ නැතිනම් හොඳයි. හේතුව දැන් දේශපාලකයන්ගේ නම් ඇහෙනකොට හිතෙන්නේ රටේ කොහෙන්හරි කෑල්ලක් විකුණගෙන කයි කියන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site