IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියන් සාගරයේ අරක්ෂක මූලස්ථානය මෙරට පිහිටුවයි

 

(අංජුල මහික වීරරත්න)

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සමුළුව ඊට එකඟතාවය පළ කර ඇත. මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව පවතී.

 



අදහස් (7)

ඉන්දියන් සාගරයේ අරක්ෂක මූලස්ථානය මෙරට පිහිටුවයි

රංබොඩ Saturday, 16 December 2023 09:31 AM

මේ පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ආරක්ෂාව පිළිබඳ හොඳින් දන්නා සහ රටට ආදරය ඇති විශ්වාස කළ හැකි නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව යැයි විශ්වාස කරමු. මොකද දේශපාලනය කරන අය අද ඉන්නවා හෙට නෑ. නමුත් මෙවැනි දේ රටටම බලපානවා. රටට යහපත් වේ නම් ඉතා.සතුටුයි .

:       0       0

ලුම්බිණි Saturday, 16 December 2023 09:44 AM

කවුද සල්ලි දෙන්නේ?

:       0       0

C.K.Lankaputhra Saturday, 16 December 2023 11:48 AM

හරි හරි, ඔය එන්නෙ. තව මොනවද අඩු. ශ්‍රී ලංකා නම වෙනස් කරමු. ඉන්දු පිම්පිලංකා, ටොප් නමක්. ශ්‍රී ලංකා කියල දාපු දා ඉදලම මොකක්ද උන සෙතේ. විනාසම උනා මිසක්.

:       0       0

ravin Saturday, 16 December 2023 01:30 PM

අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්න තමයි අපට වෙන්නේ..!

:       0       0

විජේ Saturday, 16 December 2023 06:34 PM

විකුණලාද දන්නෙත් නෑ දැනටමත්...!

:       1       1

sam Saturday, 16 December 2023 06:47 PM

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා, ඕනෑම රටක හමුදාවන් ශ්‍රී ලංකාවේ හමුදාවන් සමග එක්ව අභ්‍යාසයන් කළහැකි ඉන්දියා සාගර කලාපය "සාම කලාපයක්" බවට පත් කළයුතු වේ...

:       0       1

Indrajith Saturday, 16 December 2023 08:30 PM

මේ හරක් ඉල්ලන් කන්නයි හදන්නේ, නොදෝමකින් විතරක් මේ ගස් බල්ලෝ අපේ රට නැත්තට නැතිකරන තැනකට ගෙනෙන්නයි මේ හදන්නේ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site