
දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් පවත්වන රියැලටි ගායන තරගාවලියක් ජයග්‍රහණය කිරීමට යාපනයේ දැරියක් සමත් වූවාය.
කිල්මිෂා යාසිසායි නමැති මෙම දැරිය ජයග්‍රහණය කළේ, ඉන්දියාවේ තමිල්නාඩුවේ ‘සී ටැමිල්’ පෞද්ගලික රූපවාහිනී නාළිකාව, කුඩා දරු දැරියන්ගේ ගායන හැකියාව උරගා බැලීමට පවත්වන ‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියයි.
‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 17 වැනිදා චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජනප්‍රිය කලාකරුවන් වන විජේ ප්‍රකාශ්, ශ්‍රිනිවාස්, සයින්දවි සහ අභිරාමි විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ.
‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියට කිල්මිෂා යාසිසායි ට අමතරව, තවත් ශ්‍රී ලාංකික දියණියක සහභාගී වූවාය. ඇය අශානිය.
මොවුන් දෙදෙනා අතරින් අවසන් තරගයට යෑමට හැකියාව ලැබුණේත් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේත් කිල්මිෂාටය.
(ඩේලි මිරර් ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දීය රියැලටිය දිනූ කිල්මිෂා
Senarath Monday, 18 December 2023 02:29 PM
ඔබට අපෙන් සුබපැතුම්...!
AMILA Monday, 18 December 2023 06:50 PM
සුබපැතුම්...!
Veronica Tuesday, 19 December 2023 07:44 AM
සුභ පැතුම් කිල්මිෂා. විශිෂ්ට ජයග්‍රහණයක්
Prabhath Tuesday, 19 December 2023 05:07 PM
සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !