IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ට

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් සහ කිරිපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදාදීම ලබන සඳුදා (30 වැනිදා) ආරම්භ වන බව ආහාර කොමසාරිස් කාර්යාලය පැවසීය.

මෙහිදී පවුලකට සහල් කිලෝ 10 බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වන සැලසුම් ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ එක්ව මේ වන විට සකස් කරමින් සිටින බවත් ආහාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් කීය.

ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ප්‍රාදේශීය ලේකම්වරු මෙම සහනාධාර බෙදාහැරීම ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින ආර්ථික හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියාවෙන් රුපියල් කෝටි 200 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා පසුගියදා භාරදුන්නේය.

එම භාණ්ඩ තොගයට කිරිපිටි මෙටි්‍රක්ටොන් 50 ක්, සහල් මෙටි්‍රක්ටොන් 9,000 ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙටි්‍රක්ටොන් 25 ක් ඇතුළත් වූ අතර තාමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය යොමුකර තිබුණි.  



අදහස් (0)

ඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site