IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දීය බලශක්ති ප්‍රබලයෝ ආයෝජන සොයා එති

(යොහාන් භාසුර)

ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු ආයෝජක දූත කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූහ.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළහැකි නව මංපෙත් සෙවීමේ අරමුණින් මෙම හමුව පැවති අතර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම, හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීණ තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී යෝජනා ඉදිරිපත් විය.

මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ සීඅයිඅයිහි හිටපු සභාපති, අයිසීටී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, හයිකොන් ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

ඉන්දීය බලශක්ති ප්‍රබලයෝ ආයෝජන සොයා එති

මාලිමාපෙන්දා Tuesday, 01 July 2025 07:59 PM

බංගලාදේශයට සිද්ධවුණු දේ ගැන ඇතුමුන් දන්නේ නැතිව ඇති. මේං ආයෝජකයෝ ආවා කියලා සරම් උස්සාගෙන නටන්න ලෑස්තිවෙන මං වගේ අධික මාලිමා ගැත්තන්ට කිව්වේ. මේවා අනාගත ප්‍රශ්න...

:       4       24

පොඩිඑකා Tuesday, 01 July 2025 08:48 PM

කෝ බොලේ අධෝමුඛ යෝගා?

:       2       2

චන්දිම Wednesday, 02 July 2025 03:27 PM

බලශක්තිය සහ කෘෂි කර්මාන්තය කියන දෙක විදේශිකයින් අතට ගියොත් රට උන්ට යටත් වුණා හා සමානයි.අපේ දුප්පත්කම ප්‍රයෝජනයට ගන්නට බූවල්ලෙකුට ඉඩ දෙන්නට එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site