
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය පවුලේ සාමාජිකයන් සමග යාපනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡාවක් අතරතුර දී මෙම හමුව සිදු විය.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.
කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු කළේය .ජනාධිපතිවරයා උදයශීලන් දියණිය සමඟ සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුව, ඔයාලාගේ අනාගතය නැතිකරපු මිනිස්සු එක්ක සෙල්ෆි ගහන්න තියාගන්න එපා... වැඩක් නැහැ. වටිනාකමක් නැහැ.
දුවේ, මෙහෙ එවුන් එක්ක සෙල්ෆි ගගහා ඉඳලා තේරුමක් නැහැ... තමන්ගේ උත්සාහයෙන් ජයග්‍රහණය කල ඒ දරුවාව ආයේ අමුතුවෙන් මොනවා කරන්නද..? ලංකාවේ සිංහල දේශපාලකයින්ගේ ගොදුරක් නොවී, හැකි ඉක්මනින් ඉන්දියාවට ගොස් අනාගතය ගොඩනගා ගන්න දුවේ... මෙහේ ඉන්නවා නම් ඉතින් "අමුක ඩුමුක" නට නටා ඉන්න වෙයි...
දුව, ඔයාලාගේ අනාගතය නැතිකරපු මිනිස්සු එක්ක සෙල්ෆි ගහන්න තියාගන්න එපා... වැඩක් නැහැ. වටිනාකමක් නැහැ.
හොඳ වෙලාවට සාගල ළඟ හිටියේ නැත්තේ