
පාකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය, ලබන 18 තෙක් දීර්ඝ කිරීමටත්, ඒ අතර කාලයේ පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළකට යෑමට හැකිවේවිදැයි බැලීමටත් කටයුතු කරන බව ඉන්දීය රජය පවසා ඇත.
දින කීපයක් තිස්සේ පැවැති ගැටුම් උත්සන්න වෙද්දී, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් ආරම්භ වූයේ පසුගිය මැයි 10 වැනිදාය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි.
මැයි 10 වැනිදා ඇති කරගත් එම සටන් විරාම ගිවිසුමට අනුව, කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ අවි හුවමාරු නැවැත්වීමටත්, දෙරට අතරේ මිසයිල ප්‍රහාර නැවැත්වීමටත් එකඟතාවක් ඇති කර ගැනුණි.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ, අවි ගැටුමක් නිර්මාණය වූයේ ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ දී පසුගිය 22 වැනිදා පාකිස්තාන ත්‍රස්තවාදීන් පිරිසක් කළ වෙඩි තැබීමකින් ඉන්දීය සංචාරකයන් 25 දෙනකු ඝාතනය වීමේ සිද්ධියයි.
එම ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට පාකිස්තාන රජයේත් හමුදාවේත් බුද්ධි අංශයේත් සහාය හිමිවුණු බවට ඉන්දියාව චෝදනා කළ අතර, ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්කවලට පහර දුන්නේය. ඒ, ‘සින්දූර්’ මෙහෙයුම ක්‍රියාවට නංවමිනි.
ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික බලැති රටවල් වන අතර, දෙරට සතුව න්‍යෂ්ටික අවි ඇත. හටගත් යුදමය තත්වය කඩිනමින් සමතයකට පත් කර ගැනීමට ඉන්දියාවත් පාකිස්තානයත් සමත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පමණක් නොව, සෙසු රටවල් ද සතුට පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ