
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ගනිමින් පැය 48 ක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වූ බව නිවේදනය කළේ ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බවත් මධ්‍යස්ථ ස්ථානය පුළුල් පරාසයක සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.
තමන් කඩිනමින් සටන් විරාමයකට යොමුඅ වුණු බව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර් ද පවසා ඇත. සටන් විරාමය ඉන්දියා වද තහවුරු කර ඇති අතර ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ ඒ අනුව සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නැවැත්වූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යක්ෂාවේශ වුණු ගොපල්ලා කෙවිට අතට ගත්තාම ගොන්නු තමයි තැළුම් කන්නේ. මේ යුද්ධය දිගටම ගියා නම් නොසෑහෙන්න සොල්දාදුවෝ මිය යනවා...
මොවුන් දෙගොල්ලොත් මාලිමාවේ අය වගේ කෙළගන්නම බලාගෙන ඉන්නේ.
සිකුරාදා රෑ පාකිස්තානයෙන් දැනෙන්න ප්‍රහාර එල්ල වීම වගේම චීනය පාකිස්තානය වෙනුවෙන් ඉදිරිපත් වීමත් හේතු වෙන්න පුලුවන්. මෝදී අගමැති පටන් ගත්තේ කොහොමද?
සමගියෙන් විසඳා ගැනීමට ලැබේවා.
ට්‍රම්ප්ට පිස්සු කියලා කෑගැහුවාට ඔහු තම බලය නිසි ලෙස පාවිච්චි කරනවා. Usaid ගැන එළියට දානකොට තමයි අපේ සුපිරිසුදු අයගේත් පටි රෝල් වෙන්නේ...
ස්ථීර සාමයක් උදාවේවා...! යුද්ධය දඩමීමා කරගෙන තම අවි ජාවාරම කරගෙන යන්න කුරුමානම් ඇල්ලූ චීන තුර්කි ආක්‍රමණිකයින් විනාශ වේවා...! සාමය ලබාදෙන්න මැදිහත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජයවේවා...!
සුභ ආරංචියක් මේ යුද්ධෙ දිගටම ගියා නම් දෙපැත්තේම දහස්ගනනක් මැරෙනවා , අපිත් විශාල අමාරුවක වැටෙනවා ,
මෝදිට දැනෙන්න ඇති පක්කොත් නිකන් අකුලාගෙන ඉන්නේ නෑ කියලා. බුරාගෙන ආවාට නැට්ට පස්සා පැත්ත ගහන් නැවැතුනා ඔවුන් ගහපු පාර දැනෙන්න...