IMG-LOGO

ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ගනිමින් පැය 48 ක් තිස්සේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වූ බව නිවේදනය කළේ ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බවත් මධ්‍යස්ථ ස්ථානය පුළුල් පරාසයක සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.

තමන් කඩිනමින් සටන් විරාමයකට යොමුඅ වුණු බව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර් ද පවසා ඇත. සටන් විරාමය ඉන්දියා වද තහවුරු කර ඇති අතර ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ ඒ අනුව සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නැවැත්වූ බවය.



අදහස් (8)

ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්

Tissa senanayake Saturday, 10 May 2025 08:30 PM

යක්ෂාවේශ වුණු ගොපල්ලා කෙවිට අතට ගත්තාම ගොන්නු තමයි තැළුම් කන්නේ. මේ යුද්ධය දිගටම ගියා නම් නොසෑහෙන්න සොල්දාදුවෝ මිය යනවා...

:       16       20

prasanna Saturday, 10 May 2025 08:50 PM

මොවුන් දෙගොල්ලොත් මාලිමාවේ අය වගේ කෙළගන්නම බලාගෙන ඉන්නේ.

:       19       42

මහසෙන් Saturday, 10 May 2025 08:50 PM

සිකුරාදා රෑ පාකිස්තානයෙන් දැනෙන්න ප්‍රහාර එල්ල වීම වගේම චීනය පාකිස්තානය වෙනුවෙන් ඉදිරිපත් වීමත් හේතු වෙන්න පුලුවන්. මෝදී අගමැති පටන් ගත්තේ කොහොමද?

:       2       38

Wasantha jayasingha Saturday, 10 May 2025 11:03 PM

සමගියෙන් විසඳා ගැනීමට ලැබේවා.

:       0       1

රසික Sunday, 11 May 2025 02:36 AM

ට්‍රම්ප්ට පිස්සු කියලා කෑගැහුවාට ඔහු තම බලය නිසි ලෙස පාවිච්චි කරනවා. Usaid ගැන එළියට දානකොට තමයි අපේ සුපිරිසුදු අයගේත් පටි රෝල් වෙන්නේ...

:       0       1

Shelton Sunday, 11 May 2025 05:37 AM

ස්ථීර සාමයක් උදාවේවා...! යුද්ධය දඩමීමා කරගෙන තම අවි ජාවාරම කරගෙන යන්න කුරුමානම් ඇල්ලූ චීන තුර්කි ආක්‍රමණිකයින් විනාශ වේවා...! සාමය ලබාදෙන්න මැදිහත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජයවේවා...!

:       0       0

De silva Sunday, 11 May 2025 08:47 AM

සුභ ආරංචියක් මේ යුද්ධෙ දිගටම ගියා නම් දෙපැත්තේම දහස්ගනනක් මැරෙනවා , අපිත් විශාල අමාරුවක වැටෙනවා ,

:       0       2

උපාලි Sunday, 11 May 2025 02:57 PM

මෝදිට දැනෙන්න ඇති පක්කොත් නිකන් අකුලාගෙන ඉන්නේ නෑ කියලා. බුරාගෙන ආවාට නැට්ට පස්සා පැත්ත ගහන් නැවැතුනා ඔවුන් ගහපු පාර දැනෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 485 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site