ඉදිරි පැය 72 ඇතුළත, ඇමෙරිකාව සහ ඉරානය අතරේ දෙවැනි වටයේ සාම කතා ආරම්භ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ඇමෙරිකා ඉරාන සාකච්ඡා පැවැත්වෙන්නේ පාකිස්තානයේ මැදිහත් වීමෙනි. එම සාකච්ඡාවල පළමු වටය අප්‍රේල් 9 සහ 10 දෙදින පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. දෙවැනි වටය සඳහා ද ඉස්ලාමාබාද් අගනුවර සූදානම් බව පාකිස්තානය පවසා ඇත.

කෙසේ නමුත් ඉරානය පවසා ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන ගර්ජන හමුවේ සාම සාකච්ඡා සඳහා යොමු වීම කිසිසේත් සිදු නොකරන බවය. බිය ගැන්වීම්වලින් සහ පීඩනයක් එල්ල කිරීමෙන් සාම සාකච්ඡා පැවැත්විය නොහැකි බව ඉරානය ඇමෙරිකාවට අවධාරණය කර ඇත.