
ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කර ගැනීම රට ඉදිරියේ ඇති අභියෝගය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මේ වන විට රජයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත්, අදාල ඉදි කිරීම් කටයුතු වලට අවශ්‍ය තාක්ෂණික නිලධාරින්ගෙන් සමන්විත මානව සම්පත් සපයා ගැනීම මේ වන විට මුහුණ දෙන අභියෝගයක් බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.
මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
ගුරු හිගය පියවීමට ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගන්නා අතර පැවති ගුරු විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ කඩිනමින් පවත්වා බඳවා ගැනීම් කරන බව අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd