(අංජුල මහික වීරරත්න)
ඉදිරි සති හය ඇතුලත අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරියේ දී එළවළු බීජ වෙනුවට එළවළු පැළ සකස් කර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවැසුවාය.
එළවළු බීජ නිසි නිසි පරිදි පැළ නොවන බවට ගොවීන් කරන චෝදනා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පරසුරාමන් මහත්මිය කීවාය.
මේ වනවිට වෙළෙඳපොළේ උඩරට හා පහතරට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළ අතර එළවළු මිල ඉහල යාමට හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගා විනාශ වීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ නිෂ්පාදනය වුණත් වැඩක් නෑ. ඒ ලාබය ගොවියාටවත් පාරිභෝගිකයාටවත් යන්නේ නෑ. අතරමැදි ගසාකන්නන් සියල්ල හූරාගෙන කාලා ගොවියත් පාරිභෝගිකයාත් අමාරුවේ දානවා. නිෂ්පාදන හරියට බෙදා හැරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි...
2048...
අතිරික්ත අස්වැන්න පිට රට අරින ක්‍රමයක් ගැන මුන්ට හිතෙන්නෙම නැද්ද?? අපිත් රට ඉඳන් ලංකාවෙ එළවළු කන්නෙ ගිනි ගණන් දීලා . මුන්ට එහෙමවත් හැගීමක් නැද්ද???
මුන්ගේ ඔක්කොම ඉදිරියේදී තමා .නිකන් බොරු බේගල්
එතකොට යහපාලනය කාලයේ ඩොක්ටර් හර්ෂ සිල්වා හෝ වෙනත් කෙනෙක් එළවළු කල්තබා ගැනීමට ක්‍රමයක් සැලසුම් කලා නේද ඒකට මොකද වුනේ .ඔය කියන විදියට එළවළු එන්න නියමිතව ඇත්නම් එම මධ්‍යස්ථානය සංවර්ධනය අවසන් කර නාස්තිය වැලැක්වීම සදහා අමාත්‍යාංශයේ ක්‍රමවේදයක් හදන්න බැරිද
එහෙනම් තව සති 6ක් නොකා ඉඳිමු.
රාජ්‍ය පරිපාලනයේ නොහැකියාව නිසා ගොවියා සහ පාරිභෝගිකයා ගසාකමින් අතරමැදියා ලාබ ලබනවා. පාලකයින් රට සවාරි යනවා. අපි බදු ගෙවනවා. මේවාට පිළියම් නැද්ද...?
මිල වැඩි කරන්න නම් හේතු 1000ක් තියෙනවා...
රාජ්‍ය පරිපාලන කියන්නේ එක් අමාත්‍යාංශයක් ඒකට මේක අදාල නැහැ... මේක අයිති වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය පථයට තමයි. ඔහොම මිනිස්සු 2019 බොහෝමයක් හිටියා. රටේ පාලනය වෙන්නේ කොහොමද නොදන්නා ඔහෙලා වගේ මිනිස්සු රටේ විනාශයට වගකියන්න ඕනෑ...
ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න මුදලාලිලා අයින් කරලා ආව හැබෑ ගොවියන්ට දෙන්න