
(අංජුල මහික වීරරත්න)
ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වලක්වා ගැනීම සඳහා 2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.
එසේම සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශ මාවව සම්පතේ සහ නීති රීති කෙටුම්පත්වල වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිද්ධ කළ යුතුව තිබෙන අතර පසුගිය සතියේ ද යම් වෙනස්කම් කිහිපයක් කළ බවත් ඉදිරි සතියේ තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන මානව සම්පත කළමනාකරණය කිරීම සඳහා ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුව තිබෙන බව අරඹෙිපොළ මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොමා වෙලාද හිටියේ මෙච්චර කල්...?
මේ අය රටම කාබාසිනියා කරලා තාමත් ඉන්නවද?
කෙහෙලියට පක්ෂව අත උස්සලා මෙන්න බබා පාට් දානවා අපට, රාජපක්ෂලා එක්ක එකට කාපු අය මොන පාලියෙන් ආවත් අපට විශ්වාස නැහැ...
නෝනේ මේ පාරත් ටෝච් එකකුයි, කුඩේකුයි මතක ඇතුව කලින්ම ගන්න..
ආ කොහොමද නෝනේ? දැන් අර වැට මාර ගස්ටික හොඳට හැදිලා ඇති නේද? ළඟකදී දහම්පාසල් කථික තරඟයකින් එහෙම දිනුවේ නැතිද?
මේ අර අපේ රටට ලී ක්වාන් යූ ගෙනාපු එක්කෙනා නේද? කෝ දැන් එයා ඩොක්ටර්.... එතකොට මෙයා කවුද? ඉඩි අමින්ද?
කාලේකට පස්සේ කළ එළි බැහැලා. ගෝඨාභය දිනවන්න රැස්වීම්වල ගහපු අඳෝනාව මතක් වෙනවා...
ඕකේ ඉන්නේ ඔක්කොම හොරු, පගාකාරයෝ, රට කන්නේ ඔය වගේ සක්කිලි රජයේ නිලධාරීන්, රුපියල් 100 ඉඳන් මිලියන ගණන් හොරකම් කරනවා..