
(ඩයනා උදයංගනී)
රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමඟ සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේදී අනිවාර්යයෙන් කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා කළකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කරගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (2) පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමිනි.
‘අපේ කමට පණ දෙමු - අභියෝගය අතට ගමු - යුග මෙහෙවරට උර දෙමු’ යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සර සැමරුම සංවිධානය කර තිබිණි.
බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි කී හිටපු ජනාධිපතිවරයා නැවත ජයග්‍රහණය කරායාමේ හැකියාව තිබෙන බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකු විපක්‍ෂයේ අසුන්ගැනීම සිදුකලේ රට වෙනුවෙන් කියලද ඔබතුමා හිතන්නේ ..? තම වාසිය තකා රට ගැන නොහිතන ඔබටවත් ඔය අත පක්‍ෂයටවත් ඉදිරි සටන දිනන්නට බැරිය. ඔබතුමාම බලන්න ඔබතුමාගේ කොට්ඨාශයේ පාසල් යන දරුවෝ මේ දිනවල විඳින දුක.. ඔබ ගමට සේවයක් කලානම් අද එහෙම වෙයිද? ඔබගේ මල්ලී එම කොට්ඨාශයේම කෝටිපති සහල් ව්‍යාපාරිකයෙක් ! නමුත් සහනාධාරයක්වත් දෙනවද ඒ ලමුන් වෙනුවෙන් අඩුම වශයෙන් පාසලට යන්න බස් සේවයක්වත් සපයලා..!
ඔබතුමාට මොලේ අමාරුවක් තියනවද? අපි බයියෝ කියලා හිතුවද? ඉහල බලපු මල්ල නැවත ඔබල බලන්න ඕනිද? රටේ බහුතරයක් එකතුවෙලා ඔබතුමා ජනාධිපති කරේ. ඒකෙන් කිසිම ඵලක් වුණාද? දැන් ඇති කරුණාකරලා දේශපාලනයෙන් විශ්‍රාම යන්න.
ඊලග ඡන්දෙදි ජ. වී. පේ තරම්වත් චන්දෙ ගන්නේ නෑ. ඕන ඔට්ටුවක්.
මම නම් දෙන්නෙ නෑ කවුරු දුන්නත්.
ඔබතුමාට ජනාධිපති කම දීල කරගත්තු ටික මදැයි.
මුන් ආණ්ඩු පිහිටුවන්න කෙළ හලනව. රට ගොඩ ගන්න එකෙක්වත් නැහැ. අපේ කරුමෙට අර අරගල කාරයන්ට මේ 225ම ආයෙත් නොඑන්න පන්නගන්න බැරි වුණානෙ.
අනේ හිටං, උඹල කරන්නේ නරියගේ මොකක්ද වැටෙනකල් බලන් ඉන්න එකනේ. සහයෝගය දීලා රට වැටිලා තියන අගාධයෙන් බේරගන්න සහයෝගය දීපල්ලා.
මේ රට කාපු මිනිහෙක් නේ මේ කියන්නෙ. ඊයෙ පෙරෙදා මේක පුතාවත් දා ගත්ත සංවිධායක කමට , මොකද මේක තමයි සැපගන්න තියෙන එකම තැන. මිනිස්සු මේ සැරේ වත් මේ හොරු රැල එලවයි කියල හිතනව.
මුන්ට ඕනි රට හදන්න නෙවෙයි. ආණ්ඩු හදන්න.
අපිත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ. බණ්ඩාරනායක මැතිතුමා සහ එම මැතිනිය නැතිවීමත් සමගම ශ්‍රීලනිපය අබාවයට ගියා. දැන් ශ්‍රීලනිපයක් නැහැ අපි ඔහෙලව මායිම් කරන්නේ නැහැ.
හැම කෙනෙකුට ම ඕන තමන්ගේ ආණ්ඩුවත් පිහිටවගන්න. කවුද එකතු වුණේ පළමුව රට මේ තත්ත්වයෙන් ගොඩ දාගන්න ඕන කියන අරමුණ ඇතිව. කිසිවෙකුත් නෑ රටට ආදරය කරන. පක්ෂ බදාගෙන අන්ධ භක්තිකයන් ලෙස තම තම සුළු ලාබ තකා ඡන්දය පාවිච්චි කරන ජනතාවක් ඉන්න තුරු හරි පාලකයින් බිහි කරගන්ක බෑ.
සිහින විමානෙන් එහා මා පැතූ පැතුම්... මෙයා රටට හොඳට කරලද... මේ වගේ ගජමෑන් කතා කියන්නේ... අනේ මන්දා..!
ඡන්දයක් තිබුණා නම් බලාගන්න පුළුවන්. යහපාලන ආණ්ඩුවක් ගෙනැල්ලා අන්තිමට කරපු හරිය ලෝකෙම දන්නවා. තවමත් තියෙන්නේ බල තණ්හාව. ජනතාව රවට්ටපු එකයි ඔය කවුරු කවුරුත් කෙරුවේ...!
මෙතුමා බලයට ආවොත් නම් තව කී දෙනෙක් අවීචී මහා නරකාදියට යවයිද දන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ පස්සේ මෙතුමාත් ඒ කට්ටිය එක්කම යයිද කියන එකයි.
සිරිසේන අයියා ළඟ මඩුවලිගයක් තියෙනවලු... පරිස්සමෙන්....
හිටන් මහත්තයට දවල් හීන පේනව.