IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉදියවෙන් යෝගා උගන්වයි

(යොහාන් භාසුර)

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්‍රදේශ රැසක  මේ මස 17 වැනිදා සිට 21 දක්වා දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, එහි සංස්කෘතික අංශය වන කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය සහ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මේ මස 17 වැනි දින පෙරවරු 6.45 සිට යෝගා වැඩසටහනක් පැවැත්වේ. ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව පැවැත්වෙන මෙම අවස්ථාවට ජනතාවට සහභාගි වීමේ අවස්ථාව නොමිලයේ හිමිවේ. මේ මස 21 වැනි දින මහ කොමසාරිස් කාර්යාලය කොළඹ වරායේදී තවත් යෝගා වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

යෝගා 9 වැනි සංස්කරණයේ විශේෂ මුලපිරීමක් ලෙස යෝග ලෝලීන් ‘ආක්ටික්’ සිට ඇන්ටාක්ටික් දක්වා සම්බන්ධ කරනු ඇත. මෙම වසරේ ‘ගෝලීය සාගර වළල්ලක්‘ පිහිටුවා ලොව පුරා තෝරාගත් වරාය ස්ථානවල යෝගා සිදු කරනු ඇත. යහපැවැත්ම පිළිබඳ පොදු ලුහුබැඳීමකට ලොව පුරා සිටින ජනතාව සම්බන්ධ කරමින්, යෝගා 2023, ජී20 හි ඉන්දියාවේ දැනට පවතින ‘වසුධෛව කුටුම්බකම්’ එනම් එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක් යන තේමාව සමඟ සම්බන්ධ වනු ඇත.

ශ්‍රී ලාංකිකයන් අතර ශාරීරික හා මානසික සුවතා පුරුද්දක් ලෙස යෝගා ව්‍යාප්ත කිරීම සඳහා, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය දින 50 ක ධාවනයක් දියත් කළේය. පසුගිය මැයි 1 සිට රාජ්‍ය ආයතන, යෝග සංවිධාන සහ ප්‍රාදේශීය ආයතන සමඟ සහයෝගයෙන් හවුල්කරුවන්, විවිධ වයස් කාණ්ඩ සහ වෘත්තීන් සඳහා යෝගා ඉසව්, වැඩමුළු, දේශන, ආදර්ශන සංවිධානය කර ඇත. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍යවරුන් සඳහා යෝග වැඩමුළුවක්, කොළඹ මහ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන යෝග සැසියක් සහ ආරක්ෂක හමුදා සඳහා දින 3 ක දීප ව්‍යාප්ත වැඩමුළුවක් මෙම ව්‍යාපාරයේ විශේෂ අවස්ථා කිහිපයකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2014 දී ඉන්දියාව විසින් නියමු කරන ලද යෝජනාවක් සම්මත කරන ලද අතර, සෑම වසරකම ජූනි 21 ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කළ බව සිහිපත් කළ හැකිය. 

මෙම යෝජනාවට රටවල් 170 කට වැඩි සංඛ්‍යාවක් සහය පළ කළ අතර, ශ්‍රී ලංකාව යෝජනාවේ සම අනුග්‍රාහකයෙකු විය.

ආයුර්වේදය මෙන්ම යෝගයද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හවුල් උරුමයේ කොටසකි. ශ්‍රී ලංකාවේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල 2015 වසරේ සිට ශ්‍රී ලංකා නායකත්වයේ සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබන්නේ මහත් උද්යෝගයෙනි. 



අදහස් (1)

ඉදියවෙන් යෝගා උගන්වයි

සුසිල් Tuesday, 13 June 2023 04:39 PM

මමත් එනවා AC දාගෙන යෝගා කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site