
(පාලිත මඩුගල්ලේ)
ඉංග්‍රීසීන් 1818 නොවැම්බර් 26 වෙනිදා හිස ගසා දැමූ මඩුගල්ලේ උඩගබඩා නිලමේට අයිති දේපළක් ඉතා නිවරැදිව සොයා ගන්නට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුට හැකි වී තිබේ.
එම දේපළ සොයාගෙන ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතාය.
මඩුගල්ලේ නිළමේට අයිති දේපළක් සාක්ෂි සහිතව ඉතා නිවරැදිව සොයා ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
ඉතිහාසයට අලුතෙන් එක් වන එම දේපළ සම්බන්ධ විස්තර කථිකාචාර්ය ටිකිරි හේරත් ගුණතිලක මහතා පැවසුවේ මෙසේය.
1817 - 1818 දී ඉංග්‍රීසීන්ගේ පාලනයට විරුද්ධව සිංහලයන් කළ සටන පිළිබඳ තොරතුරු මම පර්යේෂණ නිබන්ධනයක් සඳහා එක් රැස් කරනවා.
මඩුගල්ලේ උඩගබඩා නිළමේ ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළ එක් ප්‍රධාන නායකයෙක්. මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩිස්පත්තුව ගම්මානයේ තිබී නිළමේට අයිති වළව්වක් මම හොයා ගත්තා. ඒ වලව්වේ නම පේරදෙණියේ වලව්ව.
එම වලව්වේ හිමිකරු මට පැරණි ලිපියක් පෙන්නුවා. මම ඒ ලිපියේ තියෙන දේවල් දැඩි අවධානයකින් කියෙව්වා.
මඩුගල්ලේ උඩගබඩා නිළමේ 1817 - 1818 කැරැල්ලට සම්බන්ධ වුණා කියලා ඉංග්‍රීසීන් නිළමෙගේ දේපළ රාජසන්තක කළ විස්තරයකුත් පසුව ඒ දේපළවලින් කොටසක් නිළමෙගෙ දරුවන්ට ලබා දුන්න බව දැක්වෙන විස්තරයකුත් එහි සඳහන්ව තිබුණා.
කෙවුල්ගම ගම්මානයේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේට අයිති කැලියැල් කොටුවේ සහ පුස්වැල් අමුනේ කුඹුරු රාජ සන්තක කළ බවත්, පසුව 1820 මැයි 16 වෙනිදා එම කුඹුරු ලොකු බංඩා මඩුගල්ලේ, ටිකිරි බංඩා මඩුගල්ලේ , මැද්දුම බංඩා මඩුගල්ලේ යන මඩුගල්ලේ නිළමෙගෙ පුතුන් තිදෙනාටත් ඩිංගිරි අම්මා නමැති නිළමෙග දියණියටත් ලබා දුන් බව ලිපියෙ සඳහන් වී තිබුණා.
මම කෙවුල්ගම ගම්මානයට ගිහිල්ලා කැලියැල් කොටුවේ කුඹුරත් පුස්වැල් අමුන කුඹුරත් ඉතාම නිවරැදිව හොයා ගත්තා. ඒ කුඹුරුවල වර්තමාන හිමිකරුවන්ද හොයා ගත්තා. ඔප්පු පරීක්ෂා කිරීමේදී ඉතාම නිවරැදිව තහවුරු වුණා එම කුඹුරු මඩුගල්ලේ නිළමේට අයිතිව තිබූ විත්තිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඊට පස්සේ..!
ජාතියක් ජම්මයක් නැති ගොබ්බයින්ට ජෝක් වුණාට විද්‍යාර්ථීන්ට මේවා වටිනවා...!
විකාර වෙන්නැති, මෙච්චර වටිනා සොයා ගැනීමක් සමච්චලේට ගන්නේ... ජෙප්පෙක් හරි, පෙරෙට්ටෙක් හරි වෙන්නත් පුළුවන්..
මේවා ගැන හොයලා විතරක් මදි. මඩුගල්ලේ පරම්පරාවට දියයුතුයි...
රටවලට ආයුධ බලය පෙන්වා බලහත් කාරයෙන් ඇතුල්වී රටවල ජාතික වීරයින් මරපු පාපයේ ශාපය නිසාමයි... මොවුන්ගේ පවුල් සීසීකඩ...
මෙම සොයාගැනීමට හුඟාක් වෙහෙසක් අරන් ඇති බව පෙනෙනවා .ටිකිරි හේරත් මහත්මයාට ස්තුතියි .මේවා පාලකයන්ට වැදගත් නෑ