
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඇමරිකා ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට ලැබී ඇති අතර, 2025 නොවැම්බර් මාසයේ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.
2024 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ ඇමරිකා ඩොලර් බිලියන 5.96 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේදී ප්‍රේෂණ ලැබීම් 20.1%කින් ඉහළ ගොස් තිබේ.
2024 වර්ෂයේ මෙරටට හිමිවූ විගමණික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6.57 ක් වන අතර, මේ අනුව සැලකීමේදී 2025 වර්ෂය ඉතිහාසයේ ඉහළම ප්‍රේෂණ වාර්තා කළ වර්ෂය වනු ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රි ලාංකිකයින් 296,010 දෙනෙකු 2025 වසරේ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයෝ 181,605 දෙනෙක් හා කාන්තාවෝ114,405 දෙනෙක් අයත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් විතරක් බලනවා. හැම ආණ්වක්ම කරන්නෙ ඒක. ඔවුන් සැබෑම විරුවන්. මුළු ජීවිතයම කැප කරලයි ඔය මුදල් රටට එවන්නේ. ඔවුන්ට ගුවන්තොටුපලේදීවත් හොඳට සලකන්න දැනගන්න ඕනෑ. බොරු මාන්න පෙන්වන්නෙ නැතිව...
බියුරෝ එක ගෙවන්න ගියාම පැය ගණන් රස්තියාදු වෙන්න වෙනවා. ඒකට මොනහරි කරන්න ඕන. ඩෙබිට් කාඩ් පත් වලින් ගෙවන්න පහසුකම නෑ. එතන හරියට එයාලා අපිට සල්ලි ගෙවන තැනක් වගේ.