(නිමල කොඩිතුවක්කු)
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණය මෙවර පැවති බවත් එම සංවිධාන සඳහන් කරති.
පශ්චාත් මැතිවරණ සමයේදී තවදුරටත් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
සමස්ථ මැතිවරණ කාලසීමාව තුළ පැමිණිලි 1800 ක් පමණ වාර්ථා වූ බවත් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සහ සමාජ මාධ්‍ය මගින් සිදුවූ සිදුවීම් ඒ අතර වැඩි වශයෙන් වාර්තා වූ බවත් හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු.. ලවුඩ්ස්පීකර් සද්දෙ නෑ.. රතිඤ්ඤා සද්දෙ නෑ.. රණ්ඩු සරුවල් නෑ.. වාහන පෙළපාලි නෑ.. නියමයි..
ඡන්දෙට කළින් මාලිමාවට මඩ ගහන්න බිල්ලො මවපු අය දැන් අතුරුදන්...
සාමකාමී වීමට වැදගත්ම කාරණය, සුළුතර ජනාධිපතිවරයෙක් වීමයි.
විනයක් ඇති පක්ෂයක්නේ දිනුවේ...!
දූෂිත පවුල් පාලනේ අය හිටපු කාලේ මතක් වෙනවා. කොම්පියුටර් ජිල්මාට්, මැතිවරණ කොමසාරිස්ට කරපු බලැපෑම්.., කැත පන්නයේ මජර, දූෂිත දේශපාලනය අවසන්...
ඉස්සර දිනපු අයගේ කට්ටියට සල්ලි දීලා, මත්පැන් දීලා හන්දියක් ගානේ රතිඤ්ඤා පත්තු කරන්න රතිඤ්ඤා බෙදලා, කිරිබත් හදවලා ලෝකෙට පෙන්නපු මායාවල් මෙදා පාර නැති එක කොච්චර හොඳද? විනයක් පෙන්නුවා පළවෙනියටම ජයග්‍රහණයෙන්ම...!
මැතිවරණ කොමිසමේ පිහිට වූ තැන ගැන වචනයක් වත් නෑ... අවුරුදු දෙකකින් විතර දැන ගනීවි
අනුර මැතිවරණ වේදිකාවේ ඉඳන්ම තම පාක්ෂිකයිනට සහ ජනතාවට සාමකාමිව වැඩ කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා . එය සැබෑවින්ම ඉටු වුනා. දැන් වත් අනුර ගැන විශ්වාසනීයත්වය පවත්වා රට ගොඩ ගමු. වෙනසට කවුරුත් දායකත්වය දක්වමු. සියලු ශ්‍රී ලාංකිකයින් එකතු වෙමු. පුද්ගලිකත්වය ට වඩා පොදු හැඟීමෙන් වැඩ කරමු