
(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවරට පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු අද(12) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් දෙකකි.
ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර , එහිදී සේවය කළ ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත , මොවුන් , ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .ො
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ.
ඉන්පසුව මෙම සිරියානු ජාතිකයන්ගෙන් සිදු ප්‍රශ්න කිරීම් වලදී තමන් මෙම ගමන් බලපත්‍ර එකක් ඇමෙරිකානු ඩොලර් 2,000 බැගින් තැරැව්කරුවෙකු වෙත ගෙවා , තුර්කියේ දී සකස් කර ගත් බව අනාවරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියාවේ කෙනෙක් ලංකාව හරහා නැවත ඩුබායි ගොස් ඉතාලියට යාම කොහොමත් සැකයට භාජනය වන කටයුත්තක්. සිරියාවෙන් තුර්කියට ගොස් රෝමයට යාමට ගත වන්නේ පැය තුනක පමණ කාලයක්.
ආපු තැනකට වහාම පිටුවහල් කරන්න. අහක යන නයි