(සමන්ත යහම්පත්)

ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර  මහත්මිය තේරි පත්ව ඇත.

ඇය ඉතාලියේ ලොම්බර්දිසා පළාතේ විදේශික ප්‍රජාව නියෝජනය කිරීම සඳහා pratito Democration පක්ෂය වෙනුවෙන්  අපේක්ෂකත්වය හිමිකර දී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී  ඒම පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද ඒකම අපේක්ෂිකාවව වන්නේ ද ඇයයි. ‍

 57 හැවිරිදි තිදරුමවක වන  ධම්මිකාගේ උපන් ගම කඳාන වන අතර ඇය කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ හා කඳාන ද මැසිනෝද් විද්‍යාලයෙන් සිප් සතර හදාරා 1984 වර්ෂයේදී ඉතාලියට ගොස් තිබේ. ඒ් වන විට ඇය 19 හැවිරිදි වියෝ පසු වූවාය.

ධම්මිකා සම්බුදු ශාසනයට සිදුකරන ලද මෙහෙවර වෙනුවෙන් 2018 වසරේදී 'සාධුජන ප්‍රසාදනී දිරිය මාතා" ගෞරව සම්මානයෙන්ද අනුරාධපුර වෘත්තීය පුහුණු ආයතනයේ ඩිපිලෝමා උපාධි ප්‍රදානෝත්සවයේදී පිදුම් ලබා සිටින්නීය