IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉතාලියේ නියෝජ්‍ය අමාත්‍යවරියක් මෙරටට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේය.

වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි රජයේ ඉහළම නිලධාරිනිය ඇය බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.  සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන කමිටුවේ සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එසේම, ට්‍රිපොඩි මහත්මිය ඇයගේ සංචාරය අතරතුරදී දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවත් එය දෙරට අතර සංවාදයක් ගොඩනගා ගැනීම සඳහා ව්‍යුහගත රාමුවක් සපයනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සංචාරයේදී ට්‍රිපොඩි මහත්මිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් මුණ ගැසීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.



අදහස් (0)

ඉතාලියේ නියෝජ්‍ය අමාත්‍යවරියක් මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site