
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපන හදාරන සිසුවෙක් හා සිසුවියක් භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 29 පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු හා
රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින රජයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන 29 හැවිරිදි වෝහාරික වෛද්‍ය වේදී උපාධි අපේක්ෂිකාවක් බවත් පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගෙන ඇති උපාධි අපේක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව පිළිමතලාව ප්‍රදේශයේ ලැගුම් පොළක සිට ඉතා සූක්ෂම ලෙස මෙම ක්‍රියාව සිදු කර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කාට කියන්නද ? පසු කාලීනව මොවුන් නේද සමාජයේ සම්මත උගතුන් කියන්නෙ ?
අරගල භූමියේදී හම්බ උණු ඩබලක් වෙන්න ඇති සම්භාවිතාව බොහොම වැඩියි. මේ තිරිසන් දෙපළ අත්අඩංගුවට ගත් පොලිසියට අපගේ ප්‍රණාමය
දේශපාලුවෝ රට හූරන් කාගෙන සල්ලි හම්බ කරනවට වඩා නම් හොඳයි
විනයක් නැති උගතුන්ගෙන් ලොවට සිදුවන්නේ හානියකි අවැඩකි.
උගත්කම තියෙයි, සාරදර්ම වැනසෙයි., ශිෂ්‍යභාවය අහෝසි කරන්න තියෙන්නේ
ඇත්තටම පාසල් නිල ඇඳුම් ඇඳගෙන රගපාන්නේ උන් දෙන්නයි තව යාලු එකියකුයි. අපිත් බලනවා නිකං දෙන නිසා. වැඩේ හොඳයි.
මොහු ඉංජිනේරුවකුවත් ඇය වෛද්යවරියක්වත් නොවේ. සමාජයේ වුර්ත්තිකයන් පිලිබඳ පවතින අකෘතඥ, කුහක සහ ද්වේශ සහගත ආකල්පය යොදාගෙන පාඨකයන් නොමග යැවීම චමින්ද වැවතැන්න සහ ශාන්ත බණ්ඩාරට සුදුසු නොවේ. "පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන" යන යෙදුම පවා අසත්‍යයකි.
අවුරුදු 29 සිසුන්... සිදුවිය නොහැක
පදුරකට පයින් ගැහුවොත් දැන් විසි වෙන්නෙ පරිගනක මෘදුකාංගා ඉන්ජිනෙරුවො...ඉන්ජිනෙරුවන්ට ගිය කල...අනික අවුරුදු 29 ක දොස්තර කෙනෙක්ට ඉගෙන ගන්නව කියන එක විස්වාස කරන්න බැහැ.
දැන් තියෙන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයපල්ලා කියන ආර්ථිකයක්. එකෙකුට දෙන්නෙකුට බනින්න කලින් හිතන්න ඕනෑ මේ රට මෙතැනට ගෙනාවේ කව්ද කියන එක...