(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසක තනිව සිටි 25 හැවිරිදි විවාහක කතත හිටිහැටියේ මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියයි.
ඇය මීට මාස කීපයකට පමණ ඉහත දී විවාහ වූ තැනැත්තියක බව පොලීසිය සඳහන් කළේය.
මිය ගිය තරුණියගේ ස්වාමිපුරුෂයා රැකියාවන් නිමවා නිවසට එද්දී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහි සුන්ව වැටී සිටින දැක වහා ක්‍රියාත්මක වී ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මිය ගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බව පොලිසිය කියයි.
තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් හට ගෙන තිබෙන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd