(ගයාන් සූරිය ආරච්චි)
ගත වූ පැය 24 තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 1946, හෙරොයින් ග්‍රෑම් 405ක්, අයිස් කිලෝ එකයි ග්‍රෑම් 700 ක්, ගංජා කිලෝ 4, ග්‍රෑම් 742 ක්, මාව කිලෝ 1, ග්‍රෑම් 274 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 54 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 38 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 86 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ තාම ලොකුම ලොකු තෝරු මෝරු ඇල්ලුවේ නෑ .ඊකෙනෙක් අල්ලාගෙන පෙන්වන්න දේශබන්දු අර පාලිමන්ට් එක පැත්තේ ඉන්න
හොඳ සුද්දයක් දෙනවා. ජයවේවා! මොවුන්ගෙන් යැපෙන කළු කෝට් කාරයින්ට රිදෙනවා...