(යොහාන් භාසුර, පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති තරගයේදී ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.
ඇෆ්ගනිස්තාන් පිල ලකුණු 242 ක ඉලක්කය ඕවර 45.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ඇෆ්ගනිස්තානය මෙම ජයග්‍රහණයත් සමග තරග හයකින් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හයෙන් තරග 4 ක් පරාජයට පත්ව සිටින අතර මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා පහතට වැටුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ලෝක කුසලාන තරගාවලියකදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා දෙකේදීම 2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලිවලදී ඇෆ්ගනිස්ථානය පරාජය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 241 (පැතුම් නිස්සංක 46, කුසල් මෙන්ඩිස් 39, සදීර සමරවික්‍රම 36, චරිත් අසලංක 22, ඇන්ජලෝ මැතිව්ස් 23, මහීෂ් තීක්ෂණ 29, මුජූබ් උර් රහමන් 38/2, ෆෂාල්හක් ෆාරුක් 34/4) ඇෆ්ගනිස්තානය ඕවර 45.2 කදී කඩුලු 7 ට 242 (ඊබ්‍රහිම් ශද්‍රාන් 39, රහමට් ෂා 62, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 58 අෂ්මටුල්ලා ඔමර්ෂායි නොදැවී 73, ඩිල්ෂාන් මධුසංඛ 48/2)
Reply Forward
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති විශිෂ්ටයි ,ළඟදීම මාලදිවයිනටත් පරාදයි
ශ්‍රීලාංකික මිනිසුන්ට තේරෙන්නේ නැහැ, මෙහෙම පැලැස්තර දාල මේක ගොඩගන්න බැහැ කියල. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට නම් කොහොමත් තේරෙන්නේ නැහැ. උන් හැදෙන්නෙත් නැහැ. මේක facebook post දැම්ම කියල හැදෙන්නෙත් නැහැ. දසුන් ශානක ඉන්දියාවේ තියන් හිටිය කියල හැදෙන්නෙත් නැහැ, විදෙන් විදේ තුවාල වෙලා හිටපු එවුන් ඉන්දියාවට යැව්වා කියල හැදෙන්නෙත් නැහැ. දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් ඕන. පහුගිය අවුරුධු ගණනාවක් තිස්සේ දැන් ඉන්න පාලක මණ්ඩලයේ අය සහ තේරීම් කමිටුව කල කිසිදෙයක් හරි ගිහින් නැහැ. ඔවුන් මෙය අතහැර යා යුතුයි. නව කණ්ඩායමකට මෙය භාර දිය යුතුයි. අඩුම වශයෙන් 2027 ලෝක කුසලානය ඉලක්ක කරමින් වැඩපිළිවෙලකට යාම සදහා. නැතිනම් මේ යන විදියට, අපට 2027 සෙල්ලම් කරන්නවත් නොලැබෙන්න පුළුවන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට SLC සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ක්‍රීඩා ඇමති; ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි දූෂිත ක්‍රීඩා පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ලබා ගන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ විධායක කමිටුව සඳහා නිලවරණය පැවැත්වීම. එය කළ හැකි නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබටත් ඔබේ දේශපාලන පක්ෂයටත් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනු ඇත.
අර්ජුන,අරවින්ද,සනත්,මුරලි,වාස් යන group එකට cricket ආයතනය භාර නොදුන්නොත් cricket ගොඩගැනීම බොරුවක්.
සටනක් කරන විලාශයට, ක්‍රීඩාශීලීව පෙරවදනක් සටහන් කළ ආසියාවේ නැගී ගෙන එන සුපහන් තරුපෙළට මගේ ගෞරවනීය ශීර්ෂ ප්‍රණාමය!!!
මේක පෙරළිකාර ජයක් වෙන්නේ ලංකාව දිනුවා නම් තමයි. මුදලට ඔට්ටු අල්ලන ආයතන වල betting odds තිබුණේ ඇෆ්ඝනිස්ථානය දිනන බවටයි...
මෙහි කිසිම පෙරලියක් නෑ. ඔව්න් ඉතා සැලසුම් ගතව ඉතා හොදින් සෙල්ලම් කලා. අපි දිනුවානම් තමා පෙරලියක් වෙන්නේ. මොකද ලංකාවේ ක්‍රිකට් කිසිම සැලසුමකින් තොරව වැඩ කරන්නේ.