(අංජුල මහික වීරරත්න)
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කීවාය.
කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ව්‍යාපෘතියකි.
ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඔමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරයි.
දැනට පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යාපෘති තියෙන්නෙ කොහේද කියන්න පුළුවන් නම් හොදයි
බොහෝමයක් වෙළඳසල් පිටුපස සීනිගෝනි තිබිලා... අපේ අතටම අතටම අහුවුණා කිතුල් හකුරු හදන්න කිතුල් ගස් අවශ්‍ය නොවේ..
කිතුල් රා මෙහෙ විකුණන්න බැහැ.. අහුවුණොත් බෙල්ල ගහලා යනවා.
මම දන්න තරමින් ඇහැලියගොඩ කියන්නේ රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ තියන එක් ප්‍රධාන නගරයක්... එහෙ ගියාම ලෙහෙසියෙන් සොයාගන්න පුළුවනි. අංජුල මහික මේ ශිරන්ති නෝනාට ඕනකරන වැඩි විස්තර කිව්වොත් නරකද? එයාට මේ ප්‍රවෘත්තිය ගැන සැකයක් ඇති පාටයි.
අපිට බොන්න කිතුල් රා ටිකක් නැහැ.. හොඳ බඩු තිබෙනවා නම් ලංකාවේ ඉල්ලුමක් තිබෙනවා. රා ටික අපට බොන්න දීලා පොල් අරක්කු පිටරට පටවන්න.
සුමිහිරි පානේ පදමට ගහලා... හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා...
හොඳ දෙයක් ගැන කියනකොට නම් ගම් හංගනවා.