(අජිත්ලාල් ශාන්තඋදය, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවේය.

පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිලනිවස තුලදී ඔහුට වෙඩි වැදී ඇති බව ද පොලීසිය කියයි. හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද පොලිසිය පැවසුවේය.

මෙසේ වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ ප්‍රියංකර ද සිල්වා යන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හතළිස් දෙවැනි වියේ පසු වු දෙදරු පියකු බව ද පොලිසිය පැවසීය.

වෙඩි වැදී තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්‍ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසුවේය.

(ඡායාරූප සැපයුම සුමිත් පොතුපිටිය)