(අංජුල මහික වීරරත්න)
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද ඇමතිවරයා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවෙි මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි.
එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වලව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.
එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා මාලිගාවත් ආයෝජන ව්‍යාපෘතියකට දෙන්න අදහස් කරලා නැද්ද?
කප්පමට තවත් කොමිස් කුට්ටියක් එන හැඩයි. මොවුන් පුළුවන් නම් අම්මා තාත්තත් විකුණයි සල්ලි හම්බ වෙනවා නම්...!
ඕක අලුතෙන් හැදුවත් ඔච්චර යන එකක් නෑ. හරිම අප්‍රසන්නයි
මොන් උප්පරවැට්ටියක් හරි ඇහැලේපොල වලව්වත් රජයට පවරාගෙන හෝටලයක් දාගන්න අතයට ගණුදෙනුවකින් හෙන්චචයියෙකුට දීලා දලදා මාලිගාව වටේ කුමරවරුන්ට කාර් රේස් පදිංට සහ කුමාරියන්ට හෙලුවැලි ඩාන්ස්වලට ඉඩ සලස්සන්ට. කොච්චර විසාල පුන්‍යකර්මයක්ද මේ වැඩේ.
මිලියන 147ක් වියදම් කරලා මොවුන් මොකක්ද කරලා තියෙන්නේ...? පොඩ්ඩක් හොයලා බලන්න.
කප්පම්කාරයා කාටද දන්නේ නැහැ එන්න හදන්නේ...?
මේ ව්‍යාපෘතිය බාර ලේකම්වරයෙක් කියනවා.. මේ කප්පම් බඩා මේ ව්‍යාපෘතියෙන් මදි නොකියන්න හොරාකාලාලු...!
කාටවත් නඩත්තු කරගන්න බැරි ගොඩනැගිලි දළදා මාලිගාවට පවරා බේරෙන්න හදන්න එපා දළදා මාලිගාවට ඒවා නඩත්තු කරන්න පුළුවන් කමක්නැහැ හෝටලයක් කරන සංචාරක මණ්ඩලයට බදු දෙන්න...