
(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර සහ ඇල්ල ප්‍රසාද් රුක්මාල්)
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව මහජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙලෙස රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම මාර්ගය භාවිතා කිරීම සදහා නිර්දේශ කිහිපයක් ලබා දී තිබෙන අතර තදවැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව දිවා කාලයේ වුවද වසා දැමීමට පියවර ගන්නා බවත් අනෙකුත් අවස්ථාවලදීද අනතුරු ඇඟවීමට මාර්ගය සංඥා කරුවන් යොදවා රථවාහන ධාවනය කිරීමට සලස්වන බවද රාත්‍රී කාලයේදී විදුලි පහන් සවිකර අනතුරුදායක ස්ථාන ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ කර තිබේ.
මෙම මාර්ගය වසා දමා ඇති විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා පොලිසිය රියදුරන්ට දන්වා සිටී.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි