
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ වන රක්ෂිතය ට කිසිවෙකු විසින් ගිනිතබන්නට ඇති බවට සැකකරන බවද හෙතෙම කීය .
ඇල්ල දුම්රිය ස්ථානය අසල රක්ෂිතයේ ඇති වූ ගින්න උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානය අසල සිට දෙමෝදර අහස්නවය ආරුක්කු පාලම දෙසට දුම්රිය මාර්ගයට ආසන්නව රක්ෂිතයේ පැතිර යමින් තිබූ බවත් , දුම්රිය සේවකයන් සහ අවට ගම්වාසීන් එක්වී කොල අතු යොදා ගනිමින් වතුර ගසමින් ගින්න මැඩපැවැත්වීමට සමත් වූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .


2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලේ රක්ෂිතයක ගින්නක්