
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය .
මීට පෙර මාස කීපයකට ඉහතදී කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාමට පටන් ගත් බවත් පසුව එය ක්‍රමයෙන් අවම වී යලි පවතින වර්ශාවත් සමග මෙසේ නායයාම සක්‍රිය වීමට පටන් ගෙන ඇති බවත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කලේය.
විශේෂයෙන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට විශාල පිරිසක් නෑගම් සහ විනෝද චාරිකා යාමට මෙම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය භාවිතා කරන බවත් මෙම මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමත් සමග විශාල අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබෙන හෙයින් ජනතාවට රථ වාහන රියැදුරන්ට දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ශිතව අවධානයෙන් මෙම මාර්ගයේ ගමන් කරන ලෙසට දැනුම් දෙයි .
කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම සක්‍රිය වීමට පටන් ගත් ස්ථානයේ ජල පහරක් ගලා යමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසට දැනුම් දී තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි