IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇල්ල අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසන්න ආණ්ඩුකාර යයි

(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ දී අඩි දහසක පමණ ප්‍රපාතයකට බසය  පෙරලීමෙන්  තුවාල ලබා බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන තුවාලකරුවන් ගේ සුවදුක් බැලිමට ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා අද (8) පස්වරුවේ රෝහලට ගියේය.

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක්  ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක් සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී ඔවුන් ගමන් ගත් විනෝද චාරිකා බස්‍ රථය අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීයාමෙන් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ,බස්‍ රථ රියැදුරු ඇතුලු  15 ක් මියගොස් 18ක් තුවාල ලැබූහ.

මෙම අනතුරින් තුවාල දැනට බදුල්ල ශික්ශන රෝහලේ 11දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර, ඔවුන්ගේ සුවදුක් බැලිමට ගිය ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා මෙම පිරිසට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ලෙසට රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේයත

මෙම අවස්ථාව ට බදුල්ල ශික්ශන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් කුරේ මහතාද සහභාගි විය.



අදහස් (1)

ඇල්ල අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් විමසන්න ආණ්ඩුකාර යයි

kumara Monday, 08 September 2025 04:45 PM

ටයි පොල්ල ගලෝපු දවසට ලංකාව දියුණු වෙයි.

:       8       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site