(චන්ද්‍රසිරි ගුණසේකර)
අක්‍රීය වී තිබූ ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අද (20) පෙරවරුවේ යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූ බවත් ඒ නිසා රෝහලේ සියලු කටයුතු පුරුදු පරිදි සිදුකිරීමට පියවර ගෙන ඇති බවත් ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මෙම රෝහලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලේ කාන්තා හා පිරිමි වාට්ටු පිහිටා ඇති අතර මෙම වාට්ටුවලට ඇතුලත් කරන රෝගින් මෙන්ම නියමිත ශෛල්‍යකර්ම සඳහා යොමුකරන රෝගින්ද එහා මෙහා රැගෙන යන්නේ මෙම විදුලි සෝපාන යන්ත්‍ර උපයෝගී කරගෙන බැවින් ඊයේ රාත්‍රි හිටිහැටියේ මෙම සෝපාන යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතවීම නිසා රෝගීන් එහා මෙහා ගෙනයාම අපහසුවී තිබුණී .
විශේෂයෙන් ශෛල්‍යකර්ම සඳහා ශෛල්‍යගාරයට රැගෙන යන රෝගීන් සිහිනැතිකිරීමෙන් පසු එහා මෙහා රැගෙන යා නොහැකි තත්ත්වයක් උදාවීම නිසා අද දින සිදුකිරීමට නියමිතව තිබූ සියලුම ශෛල්‍යකර්ම කල් තැබූ බවත් එහෙත් ඉතා ඉක්මනින් අදාළ සමාගම විසින් විදුලි සෝපාන යන්ත්‍ර දෙක අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීම නිසා යළි සුපුරුදු පරිදි රෝගින්ගේ අවශ්‍යතා සිදුකිරීමට හැකියාව ලද බවත් රෝහල් අධිකාරී වෛද්‍ය දිමුතු අමරසිංහ මහතා පැවසීය.
මෙම විදුලි සෝපාන යන්ත්‍ර දෙකේ ක්‍රියාකාරිත්වය සඳහා රෝහල් සේවකයෙකු යොදවා තිබෙන බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටිය රෝහලේ විදුලි සෝපානය සකසයි
gunawardanana Tuesday, 20 June 2023 06:24 PM
දැන් මේක ගැන දේශපාලන රැස්වීම්වල කියන්න...
gunawardana Tuesday, 20 June 2023 06:27 PM
මේවා හදන්න කැඩෙනකම් ඉන්න ඕන නැහැ .වැළැක්වීමේ නඩත්තුව කියලා එකක් තියෙන්නේ ඒකට තමයි .කෝ සමාගමේ ලොක්කා කවුද
Sunil Tuesday, 20 June 2023 07:47 PM
සෝපාන දෙකම ක්‍රියා විරහිත වන තුරු කල් මැරුවේ ඇයි ?