(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ (පොදුජන පෙරමුණු) සභාපතිවරයා ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 07දෙනකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු 19 දෙනෙක් එක්ව වැඩි ඡන්ද 09කින් පරාජයට පත්කළහ.
ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ප්‍රාදේශීය සභා සභාපති (පො.ජ.පෙ.) කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 10.00 ට ප්‍රාදේශීය සභා රැස්වීම්ශාලාවේදී ආරම්භ කරනු ලැබීය.
ආගම සිහිකිරීමෙන් හා මියගිය රණවිරුවන් සිහිකිරීමෙන් පසු න්‍යාය පත්‍රානුකූලව සභාපතිවරයා විසින් 2024 අය වැය යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට සභාවේ ජන්ද විමසීම සිදුකරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන් කාරයාගේ පොහොට්ටු සංදර්ශන දැන් ඉවරයි .පොහොට්ටුව අපේ රට විනාශ කරපු සන්ධානයක් විදියට ඉතිහාසගත වෙනවා