IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටිය පුංචි අපෙක්ෂකයාගේ පාටිය පොලිස් බාරයට

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන එක්සත් නිදහස් සන්ධානයෙන් (කුසලානය ලකුණින්) ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුගේ නිවසේ සිය ඡන්ද දායකයන් 150 ක් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට පිළියෙළ කර තිබූ ආහාරපාන භාජන සමගම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මැතිවරණ නීති උල්ලංගණය කරමින් මෙම අපේක්ෂකයාගේ කොට්ටාසයේ ජන්දදායකයන් පිරිසකට ඔක්තෝම්බර් මස 18 වන දින රාත්‍රී සංග්‍රහ කිරීම සඳහා ආහාරපාන පිළියෙල කර ඇති බවට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ නිරාකරණ මධ්‍යස්ථානය මගින් ඇල්පිටිය පොලිසියට ඊයේ (18) රාත්‍රී 10.00 ට පමණ ලද කරන ලද දැනුම්දීමක් මත ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ සහකාර කොමසාරිස්වරයා එම ජන්ද අපේක්ෂකයාගේ නිවසට ගොස් කරන ලද පරීක්ෂණයේදී ඔහුගේ නිවසේ පිළියෙල කර තිබූ කහබත්,පරිප්පු,කුකුල්මස් ඇතුළු පිසූ ආහාරපාන එම භාජන සමගම පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂකයාගේ ආධාරකරුවන් හා ජන්දදායකයන් 150 කට එදින රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම සඳහා මෙම ආහාරපාන පිළියෙළ කර තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ මේවා අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (19) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

ඇල්පිටිය පුංචි අපෙක්ෂකයාගේ පාටිය පොලිස් බාරයට

පික්ෂු පූෂා Saturday, 19 October 2024 08:46 AM

පොලිසියේ ‌පොඩි තනතුරුවල අයටත් මගුල් ගෙදරක ගියා වගේ ඇති නේ? කාහල්ලකෝ ඇති වෙනකල්.

:       14       5

සෙනෙවිරත්න Saturday, 19 October 2024 01:31 PM

ඇයි පොලිසියේ අය හොඳට කන්නේ නැද්ද? තමුන් එතැන හිටියා නම් කරන විදිය අනිත් අයට ආරෝපණය කරන්න එපා...

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site