
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධරීවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ ඩබ්ලිව්.වී.ජගත් පුෂ්පකුමාර මහතා විසින් ඇප තැන්පත් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්‍රය සහ කිතුල්ගොඩගේ චාමින්ද ප්‍රසාද් උදය කුමාර මහතා ඇප තැන්පත්කළ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රයයි.
මේ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ පිළිගත්දේශපාලන පක්ෂ කණ්ඩායම් 09 කට සහ එක් ස්වාධීන කණ්ඩායමකට පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උවිඳුගෙ එකත් රිජෙක්ට්, මදැයි පිය උරුමය බදාගන්න හැදුවා විතරයි.