(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP)   විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri - Demonstration Park  වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය  විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය  අක්කර 200ක වගා කර තිබෙන බව අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙද පොලට අපනයනය කරනු ලබන ඇඹුල් කෙසෙල් තොගය වශයෙන් අඩි 40 කන්ටේරයක ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොලට අපනයනය කිරීම සිදු කෙරේ.