
ඇමෙරිකා නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් සිය රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇතැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කළේය.
හමුදා ලේකම් ජෝන් ෆීලන්ගේ ඉල්ලා අස්වීමට හේතුව, පෙන්ටගනය පවසා නැත. ජෝන් ෆීලන් වෙනුවට, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. හන්ග් කාඕ වසර 25 ක අත්දැකීම් ඇති හමුදා නිලධාරියෙකි.
ජෝන් ෆීලන්ගේ ඉල්ලා අස්වීමට හේතුව ද ඇමෙරිකන් ඉරාන යුද්ධය යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ඇතැම්විට ඔහුට ඉල්ලා අස්වෙන්නැයි ඇමෙරිකා යුද ලේකම් පීට් හෙග්සිත් බලකරන්න ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර, පීට් හෙග්සිත්ගෙන් එල්ල වුණු පීඩන හමුවේ ඇමෙරිකන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීප දෙනෙක් ද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd