ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී ඇත.
‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්න වීම විශේෂත්වයකි.
‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි.
කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයෝය. ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි.
ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය. ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යා ඩිලන් ගුණරත්න
Demuni de Silva Thursday, 11 May 2023 03:10 AM
අපි ඔබ ගැන ආඩම්බර වේ !
පිටිගල මිලානෝ Thursday, 11 May 2023 07:03 AM
අරගල භූමියේදී ඔබ කල වැදගත් කතාවල් සහ දේශණයන් අපට තවමත් මතකයි. හැකි සෑම අවස්ථාවකම ලංකාවට පැමිණෙන්න. ඩිලාන් ඔබට ජයම වේවා……!
Perera Thursday, 11 May 2023 10:03 AM
ශී ළන්ක සම්භවය කොයි හැටි වෙතත් ශ්‍රී ලංකික කියල කියන්න අඩුගානෙ සිංහල හෝ දෙමල භාශාවත් පුලුවන්ද?
Rohana Thursday, 11 May 2023 10:43 AM
අපිට ඔබ ගැන ආඩම්බරයි .ජය ප්‍රාර්ථනා කරනවා ඔබට
Bunny Preena Thursday, 11 May 2023 01:39 PM
ඔබතුමා එහාටම වෙලා ඉන්න. මෙහෙට එනවානම් අපරාද මැඩලීමට සහ චූදිතයන්ට දඩුවම් ලබාදෙන හිතට එකගව සත්‍යට සහ යුක්තියට ගරුකරන, චූදිතයට බොරු උගන්වා නොමග යැවීමට වඩා ඔහුට කල අපරාදය හෝ වරද සම්බන්දව කරුනු පහදාදෙන වරද පිලිගෙන සුදුසු දඩුවමකට ඔහුව එකග කරවන්ට පුලුවන් මහත්මා ගති ඇති පාර්ශවයකට එකතු වෙන්ට. ඇඩුම ගානෙ ලංකාවෙ වෙන අපරාද ටිකක් හරි අඩුවෙයි.