ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී ඇත.
‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්න වීම විශේෂත්වයකි.
‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි.
කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයෝය. ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි.
ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය. ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ ගැන ආඩම්බර වේ !
අරගල භූමියේදී ඔබ කල වැදගත් කතාවල් සහ දේශණයන් අපට තවමත් මතකයි. හැකි සෑම අවස්ථාවකම ලංකාවට පැමිණෙන්න. ඩිලාන් ඔබට ජයම වේවා……!
ශී ළන්ක සම්භවය කොයි හැටි වෙතත් ශ්‍රී ලංකික කියල කියන්න අඩුගානෙ සිංහල හෝ දෙමල භාශාවත් පුලුවන්ද?
අපිට ඔබ ගැන ආඩම්බරයි .ජය ප්‍රාර්ථනා කරනවා ඔබට
ඔබතුමා එහාටම වෙලා ඉන්න. මෙහෙට එනවානම් අපරාද මැඩලීමට සහ චූදිතයන්ට දඩුවම් ලබාදෙන හිතට එකගව සත්‍යට සහ යුක්තියට ගරුකරන, චූදිතයට බොරු උගන්වා නොමග යැවීමට වඩා ඔහුට කල අපරාදය හෝ වරද සම්බන්දව කරුනු පහදාදෙන වරද පිලිගෙන සුදුසු දඩුවමකට ඔහුව එකග කරවන්ට පුලුවන් මහත්මා ගති ඇති පාර්ශවයකට එකතු වෙන්ට. ඇඩුම ගානෙ ලංකාවෙ වෙන අපරාද ටිකක් හරි අඩුවෙයි.