‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත කළු ජාතික තරුණියක කළ ඉල්ලීමකට අනුව වෙනස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය පියවර ගෙන ඇත.
‘රේසිස්ම්’ (racism) යන වචනයේ අරුත වන්නේ විවිධ වර්ණවලට අයත් ජනතාව පීඩාවට පත් කිරීම එම ජනතාවට හිරිහැර කිරීම යන්න යි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංග්‍රීසී-සිංහල ශබ්දකෝෂයක් වන ‘මලලසේකර’ ශබ්දකෝෂය ‘රේසිස්ම්’ (racism) යන වචනයට දී ඇති අරුත වන්නේ ‘වර්ගවාදය’ යන්නයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා හි ඩ්‍රේක් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන කෙනඩි මිචම් ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය මුද්‍රණය කරන ‘මේරියම් වෙබ්ස්ටර්’ සමාගම අමතා ‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත යාවත්කාලීන කරන්නැයි පවසා ඇත.
‘මේරියම් වෙබ්ස්ටර්’ සමාගම 1847 වසරේ සිට ශබ්දකෝෂ ප්‍රකාශයට පත් කරයි.
‘‘මම ඔවුන්ට කීවේ මෙච්චරයි. මිනිස්සු කණ්ඩායමක් ක්‍රමානුකූලව පීඩාවට පත්වෙනවා. ඒක නිකං මං මනුස්සයෙක්ට කැමැති නෑ නෙමෙයි. ක්‍රමානුකූලව මිනිස්සු කණ්ඩායමක් පීඩාවට පත්කරනවා කියන අදහස එන්න ඕනෑ’’ යැයි සී.බී.ස් පුවත්සේවයට අදහස් දක්වමින් කෙනඩි මිචම් කීවාය.
මිචම්ගේ ඉල්ලීමට අනුව රේසිස්ම්’ (racism) යන වදනේ අරුත යාවත්කාලීන කරන බව ඉන් පසුව ‘මේරියම් වෙබ්ස්ටර්’හි කර්තෘ මණ්ඩල කළමනාකරු වන පීටර් සොකොලොව්ස්කි ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි.
අල්ජසීරා
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශබ්දකෝෂ නෙවෙයි, ආකල්පයි වෙනස් වෙන්න ඕනෑ.
හොඳයි මේ කතාව. වර්ගවාදය කියන්නේ සාමාන්‍ය තේරුම. දැන් හැමෝම කියන්නේ systematic racism කියලා. අනිත් බහුලව පාවිච්චි කරන වචනේ colourism (වර්ණවාදය). ඒ කියන්නේ හමේ වර්ණයලා පැහැ අයට වැඩි අවස්ථාත්, හමේ වර්ණය තද පැහැ අයට අඩු අවස්ථාත් දීමෙන් කරන වෙනස්කම (විශේෂයෙන් කාන්තාවන්ට). එකම වර්ගයා අතරේ තමයි මේ වෙනස්කම වැඩිපුර තියෙන්නේ. දරුවන්ට වුණත් පොඩි කාලෙදීම සුදු පැහැ හම ලස්සනයි, කළු පැහැ හම කැතයි වගේ අදහසක් ගෙදරදීම සහ සමාජය විසිනුත් දෙනවා. ළමුන්, තරුණියන් සහ කාන්තාවන්ට කරන මේ අගතිය ආසියානු සහ අප්‍රිකානු ජාතිකයන් අතර බහුලයි. ඒ මොකද කිව්වා නම් ආසියානු සහ අප්‍රිකානුවන් අතර හමේ පැහැයලා සහ තද දෙවර්ගයම ඉන්න නිසා. ප්‍රියංකා චොප්රා වර්ගවාදයට එරෙහිව කතා කරහම බොහෝ දෙනෙක් ඇයට විරුද්ධ වුණා. ඒ මොකොද ඇය skin whitening cream ගැන තියෙන දැන්වීම් වල පෙනී සිටිමින් වර්ණවාදය ප්‍රවර්ධනය කරමින් හමේ පාට තද කාන්තාවන්ට අගතියක් කරන අතරේ, වර්ගවාදය ගැන කතා කිරීම විහිළුවක් නිසා...
මේක ලංකාවටත් අදාලද?
අපිත් ඉතින් දෙයියනේ.. මොනතරම් අහිංසක මුස්ලිම් මිනිසුන් වර්ගවාදයට පත් කරනවද?
කවුරු කෙසේ කීවත් ඇමරිකාවේ ජනවාර්ගික ගැටළුවක් නැත. ඇමරිකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 13.4 ක් පමණක් වන කළු වාර්ගික ජනතාවට ඇමරිකානුවෙකු ලෙස සියලුම අයිතිවාසිකම් තිබුණත්, ඔවුන්ගෙන් බහුතරයකගේ විනය විරෝධී කලහකාරී හැසිරීම ඇමරිකාවේ පවතින ප්‍රධාන ගැටලුවයි. ඒ ගැන දන්නෝ දනිති. සමාජ හැසිරීම්වලදී බොහොමයක් කළු ජාතීන්ට සුදු ජාතික ඇමරිකානුවන් සමස පෑහී ජීවත් වීමට නොහැකි වී ඇත. එය කිසියම් ජානමය තත්වයකින් පැවත එන්නක් විය හැකිය.
සාරගල නනාගොඩ, ඔබ දක්ෂයෙක්. නමේ සැඟවුණු අරුත මට වැටහුනා!