(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිඟන රටක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඩොලරය වෙනුවට බිට්ස් නැමැති ජාත්‍යන්තර මුදල් ඒකකයක් ගෙන ඒමට දැන් ලෝකය කතාබහ වෙමින් තිබෙන බව කී ගම්මන්පිල මහතා මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ගෙනාවොත් ඇමරිකාවේ මූල්‍ය බලය එතනින් ඉවර බවද සඳහන් කළේය.
ගිය වසරේ ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නට සහ ණය ආපසු ගෙවන්නට ඩොලර් නැති වූ නිසා යැයිද දේශීය වෙළඳාම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමත් ඩොලර් වලින් සිදු වීම නිසා ඇමරිකාවට තිබෙන වාසිය ලෝකේ වෙන කිසිම රටකට නැතැයි ගම්මන්පිල මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ලංකාවටත් වඩා හිඟන රටක් කියන්නේ. ඒකද රට බංකොලොත් වෙලා ආසියාවේ දුප්පත්ම රට වුණේ... කතා කරන්නේ සුදනෙක් වගෙයි. විමසිල්ලෙන් ඉන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. මීළඟ මැතිවරණයේදී අපතයින් 226ම සදහටම ගෙදර යවන්න.!!!
ඇත්ත, ගෙයක් දොරක් පාරේ, පාලම්යට නිදාගන්න මිනිස්සු මිලියනයකට ආසන්නයි...
මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ? තමුන් මහින්දගේ සාටකේ එල්ලිලා ගොඩ ගිය හැටි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. රටේ විනාසෙට තමුනුත් හවුල්කාරයෙක්... මහ ලොකු හෙළ උරුමේ නෙවෙයි කරුමේ...!
එහෙම කියලා අපි කසිප්පු ටිකක් ගහලා නටමු නටමු මචෝ...!
නියම කතාව... දැන් එහෙනම්, ඇමෙරිකාව... ලංකාවෙන් ණයට සල්ලි ඉල්ලයි නේද?
ඔව්, ඔබ හරි.. මොලේ තමයි... මොලේ...
එතකොට ලංකාවේ එවුන් ඇමරිකාවට හොර වීසා හරි ගහගෙන පැන ගන්න උත්සහ කරන්නේ කහනවටද..? ඇමරිකාවේ නායකයින් මොලෙන් හා බුද්ධියෙන් වැඩ කලාට, ලංකාවේ තක්කඩි පාලකයින් තප්පුලන එකනේ කරන්නේ...ඔය කොරලා තියෙන්නේ ආයේ මදි නොකියන්නම... මුඛයෙනුයි, අධෝ මුඛයෙනුයි එක වගේ කෙබර කෙලින, ජනතාවගේ මුදල් හොරාකාපු ලංකාවේ තක්කඩි මෝඩයෝ හිතාගෙන ඉන්නේ ලෝකයෙන්ම ධනවත්තු එවුන් කියලනේ... උඹලා මෝඩයින්ට ඔහොම ආමන්ත්‍රණය කලාට, මොලේ ඇති සුළු කොටසක් ලංකාව තුල හෝ එයින් පිටත තවම ජීවත් වෙනවා... අන්න එහෙම මොළ තියන අය උඹලගේ ගොන් කතාවලට උත්තර නොබැද, අධෝ මුඛයෙන් හිනා වෙනවා...
විලි වහගන්න රෙද්දක් නැතුව අනුන්ට හිඟන්නෝ කියනවා.ඔය කියන බිට්ස් එන්න කලින් හෙළුවෙන් පැනලා දුවන්න වෙන්නේ අර රාජපක්ෂලාට උනා වගේ ?
හොඳයි, ඩොලර් එක වෙනුවට බිට්ස් ආව කියමුකෝ.. කොහෙන් ගෙනැල්ලද ගෙවන්නේ? මේ අය හදන්නේ අපිව අන්දන්න.
නැතුව නැතුව .ඇමරිකන් කාරයෝ පෝලිම් ගැහිලා ඉන්නේ ලංකාවේ pr ගන්න . අනේ නිකන් පල ගෙම්බෝ යන්න
දැන් එතකොට ඇවිදින කොට හිතෙන්නේ ඇමෙරිකාවේ මන්ත්‍රී කෙනෙක් කියලද? කොයි එකටත් ඇවිද්දිදී හෙමින් අඩිය තියලා ඇවිදින්න..
සහතික ඇත්ත . එකනේ මේ අපි වගේ දුප්පත් රටවල මිනිස්සු පොරකකා ඇමරිකාවේ ජීවත්වෙන්න යන්නේ . අනික ඒ මිනිස්සු අපිට වැඩ දුප්පත් නිසා තමයි අපි වගේ පෝසත් රටවල පාසල් ළමුන්ට දුප්පත් මිනිස්සු කනහැටි තේරුම්කර දෙන්න ඇදිහස බිස්කට් ටික දුන්නෙත්. අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න .
ඇමරිකාව ට්‍රිලියන 30ක් ණයයි. අනවශ්‍ය යුදවලට පැටලී තවත් ණය වී විනාශ වේ...
ලංකාවෙන් AL පළවෙනියා වෙච්චි කෙනෙක් ඔය කතාව කියන්නේ...!