IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ රැකියා පෙන්නා මුදල් ගරලා

(යොහාන් භාසුර)

‘ජයභූමි පදනම’ නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පැවසීය.

එම ආයතනයේ ප්‍රධාන සැකකරු පොරොන්දු රැකියා නොලද තැනැත්තන්හට වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි තුනට අධික වන අතර මෙම නීතිවිරෝධි ක්‍රියාවට අදාළව කාර්යාංශය මගහරිමින් සිටින ලබන පුද්ගලයා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය කීය.

වහාම ක්‍රියාත්මක වූ කාර්යාංශ නිළධාරීන් රාජගිරිය, ‘ජනජය සිටි’ ගොඩනැගිල්ලේ වංචනික අයුරින් පවත්වාගෙන යනු ලැබූ ආයතනය වැටලූ බවත් එහිදී රැකියා අපේක්ෂිතයින් 636 දෙනෙකුට අදාල ලිපිගොනු භාරයට ගත් බවත් එම කාර්යංශය පවසයි.

වැඩිදුර විමර්ශනයේදී ප්‍රධාන සැකකරු වශයෙන් පුද්ගලයෙක් හඳුනාගෙන ඇති අතර වසර තුනට අධික කාලයක් තිස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් ඔහු ඇමරිකාවේ වීසා අයදුම් කිරිම සදහා පුද්ගලයින් 400ක ගෙන් පමණ අයදුම්කරුවෙකුගෙන් රුපියල් 75,000 බැගින් වූ මුදලක් අයකර ඇති බවත් කාර්යංශය සඳහන් කළේය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතා ඇතුළු රවීන්ද්‍ර අබේපාල, එම්.කේ සුමනවීර, ඉදුනිල් පුෂ්පකුමාර, සංජීව ධර්මසිරි සහ අයි.සී. ජානකි යන නිරීධාරීහූ එක්වූහ.

 



අදහස් (0)

ඇමෙරිකාවේ රැකියා පෙන්නා මුදල් ගරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site